(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපතිවරණයෙන් පසු ඉදිරියට කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ හෙට (20) දිනයේ දී අවසන් තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වෙයි.
ආණ්ඩුවේ කටයුතු කරන්නේ ද එසේත් නැත්නම් විපක්ෂයේ කටයුතු කරන්නේ ද යන්න පිළිබඳව එහිදී අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ.
එමෙන්ම , එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම ඊයේ (18) පස්වරුවේ රැස් වූ අතර එහිදී ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අවස්ථාව ලබාදී ඇති බව වාර්තා වෙයි.
අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා සමඟ සිදුකරන සාකච්ඡාවලින් අනතුරුව හෙට දිනයේ දි එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් රැස්වි යළි අවසන් තීරණයකට පැමිණීමට නියමිතව තිබේ.
මීට අමතරව, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ද හෙට රැස්වන එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් හමුවේදී කතාබහට ලක්වීමට ද නියමිතය.








