(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසන ආකාරයට ජනාධිපතිවරණයට අදාළ නිහඩ කාලසීමාව තුළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකරන පුද්ගලයින්ට කිසිදු තරාතිරමකින් තොරව නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
ගෙයින් ගෙට ගොස් අත්පත්‍රිකා බෙදා හැරීමේ සිට කණ්ඩායම් මැතිවරණ ප්‍රදාරණ කටයුතු පවා සිදුකිරීම තහනම් වන බව පොලිස් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේය.
මැතිවරණයට අදාළ නීති ප්‍රකාර නිසි ආකාරව ඉටු නොකරන පුද්ගලයින්ට සිරදඩුවම් පවා ලබාදීමට සිදුවන අතර ජනාධිපතිවරණයට අදාළ නිවේධිත ශාඛා ඡන්ද කාර්යාල අංක එකට අදාළ මැතිවරණ කාර්යාල වල කටයුතු අදින් අවසන් කළ යුතු බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර එහිදි වැඩිදුරටත් සදහන් කළේය.








