FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනාධිපති ලේකම්ට කොළඹ මහාධිකරණයෙන් නොතීසි.

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන්ට ලබන ඔක්තෝබර් 7 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය විසින් අද (18) නොතීසි නිකුත් කර ඇත.

ඒ විදුලි සංදේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600ක් සිල් රෙදි බෙදා හැරීමේ වැඩසටහනක් සඳහා යෙදවීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.