FAST NEWS

24×7 Around the Globe

ප්‍රධාන අපේක්‍ෂකයින්ගේ මැතිවරණ ප්‍රචාරණ වියදමේ ඇත්ත

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඔක්තෝබර් 14වනදා සිට නොවැම්බර් 10 වනදා දක්වා කාලය තුළ රූපවාහිනී, පුවත්පත් දැන්වීම් ඇතුළු මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ප්‍රධාන අපේක්‍ෂකයින් විසින් රුපියල් මිලියන 3,108ක මුදලක් වියදම් කරනු ලැබ ඇති බව මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය ඇස්තමේන්තු කර තිබේ.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය ලත් නිරීක්ෂණ ආයතනයක් වන අතර එහි නියාමන ව්‍යාපෘතියක් ලෙස පළමු වරට මැතිවරණ ප්‍රචාරණ පිරිවැය නිරීක්ෂණ සිදුකර ඇත.

එහි අවසන් වාර්තාව අද (13) මාධ්‍ය වෙත නිකුත් කළේය.

ඒ අනුව ඔක්තෝබර් 14 සිට නොවැම්බර් 10 දක්වා ප්‍රචාරණයට සහ රැස්වීම් සඳහා ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනා දරා ඇති බවට නිරීක්ෂණය කර ඇති අවම ඇස්තමේන්තුගත කර ඇති වියදම අනුව වැඩිම වියදමක් දරා ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්ෂයි.ඊළඟට වැඩිම වියදමක් දරා ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්‍ෂක සජිත් ප්‍රේමදාසයි.ජාතික ජන බල වේගයේ ජනපති අපේක්‍ෂක අනුර කුමාර දිසානායක ඊළඟට වැඩිම වියදමක් දරා තිබේ.

එම වියදම් ලැයිස්තුව පහතින්