ප්‍රචාරක කටයුතු අදින් අවසන්

ප්‍රචාරක කටයුතු අදින් අවසන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපතිවරණයට අදාළ සියලූ ප්‍රචාරක කටයුතු අද (13) මැදියම් රැයෙන් අවසන් වීමට නියමිතව ඇත.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේ මධ්‍යම රාත්‍රී 12 සිට ඡන්ද විමසීම පවත්වා අවසන් වන තුරු දේශපාලන ප්‍රචාරක කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහභාගි වන අවසන් ජන රැළිය හෝමාගම නගරයේදී පැවැත්වෙන අතර, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ අවසන් ජන රැළිය පැවැත්වෙන්නේ මැද කොළඹ ප්‍රදේශයේදිය.

එමෙන්ම ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ අවසන් ජන රැළිය මහරගම දී පැවැත්වෙනු ඇත.