(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්රධාන පක්ෂ දෙකේ ජනධිපති අපේක්ෂකයින් දෙදෙනාට බහුතර ලබා ගැනීමට නොහැකි වුණ හොත් නැවත මනාප ගණනය කිරීමකට යාමට සිදු වන බව මැතිවරණ කොමිසමේ සභපතිවරයා පවසයි.
මහින්ද දේශප්රිය මහතා පෙන්වා දෙන්නේ ප්රධාන අපේක්ෂකයින් දෙදෙනාට සියයට 50ට වඩා වැඩි ඡන්ද ප්රතිශතයක් ලබා ගැනීමට නොහැකි වුණ හොත් තෙවන ස්ථානයට වැඩිම මනාප හිමිවූ අපේක්ෂකයාගේ ඡන්ද පත්රිකා නැවත පරීක්ෂාවට ලක් කිරීමට සිදු වන බවයි.
එහිදී තෙවන පාර්ශවයට මනාප ලැබී ඇති ඡන්ද පත්රිකා යළි පරීක්ෂාවට ලක් කර ඉන් දෙවන මනාපය ලබාදී ඇත්තේ පළමු සහ දෙවන දෙදෙනාගෙන් කාටද යන්න තහවුරු කර ගෙන එම තෙවැන්නාගේ ඡන්ද පත්රිකා නැවත පළමු සහ දෙවන අපේක්ෂකයි අතර බෙදා වෙන් කරයි.
මේ අනුව එම ඡන්ද පත්රිකාවලින් බහුතරය ලැබෙන අපේක්ෂකයාට ජනධිපතිවරණයේදී ජයග්රහණය හිමිවේ.
(උදා :- අපේක්ෂකයින් A,B,C,D,E නම් A ට ඡන්ද 40ක් Bට ඡන්ද 35ක් චට ඡන්ද 15ක් දට ඡන්ද 6 ක් සහ Eට ඡන්ද 4 ක් වශයෙන් ලැබී තිබුණහොත් A සහ B අතරින් කිසිවෙකු බහුතරය හිමිකර ගෙන නොමැති නිසා C ලැබූ ඡන්ද වලින් අංක 2 යොදා Aට සහ B ට ලැබී ඇති මනාප යළි ගණනය කරනු ලැබේ. ඉන් පසු A ට ඉන් ඡන්ද 4ක් සහ Bට ඡන්ද 6ක් ලැබුණහොත් A ට ඡන්ද 44 ක් වේ. B ට ඡන්ද 41 ක් හිමිව තිබේ.මේ අනුව ජය Aට හිමිවේ.)








