FAST NEWS

24×7 Around the Globe

තාවකාලික හැඳුනුම්පත් බෙදාහැරීම අද සිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති තාවකාලික හැඳුනුම්පත්, ඡන්ද දායකයින් වෙත බෙදාහැරිම අද (11) සිට ආරම්භ වේ.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිකුත් කළ තාවකාලික හැඳුනුම්පත් සංඛ්‍යාව ලක්ෂ තුනකි.

එම හැඳුනුම්පත් පසුගිය 09 වනදා ජාතික මැතිවරණ කොමිසමට භාර දී තිබේ.

ජනාධිපතිවරණයට සඳහා තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ අවසන් දිනය හෙට (12) දක්වා දීර්ඝ කිරීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන ඇත.