FAST NEWS

24×7 Around the Globe

පොදුරාජ්‍ය මණ්ඩලයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙවර ජනාධිපතිවරණය සන්දහා වන  පොදුරාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂණ කණ්ඩායමක් අද(10) දිවයිනට පැමිනීමට නියමිතය.

ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා පැමිණෙන පොදුරාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂණ කණ්ඩායම සාමාජිකයන් දසදෙනෙකුගෙන් සමන්විත වන අතර එම කණ්ඩායමේ ප්‍රධානත්වය දරන්නේ ඝානාවේ හිටපු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ප්‍රොස්පර්  බානි විසිනි.

තවද ඕස්ට්‍රෙලියාවේ හිටපු නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් පෝල් ඩෙසේ, එක්සත් රාජධානියේ ජාත්‍යන්තර සංවර්ධන කටයුතු පිළිබඳ විශේෂඥ ආචාර්ය මීනා ෂිව්දාස් මෙන්ම පාකිස්ථානය, නවසීලන්තය, සැම්බියාව ඇතුලු රටවල් රැසක නියෝජිතයන් ඊට ඇතුළත්වේ.

මීට අමතරව හයදෙනෙකුගෙන් යුත් පොදුරාජ්‍ය මණ්ඩලීය සහයක කණ්ඩායමක්ද එම නිරීක්ෂකයන්ට එක්වන බව වාර්තා වෙයි.

පොදුරාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්වරිය ‘පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ්’ පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවෙමින් පැවසුවේ තමාගේ ඉල්ලීම පරිදි මෙවර ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා  කණ්ඩායම මෙරටට පැමිණෙන බවයි.