FAST NEWS

24×7 Around the Globe

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කාලය අවසන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමට පුරා දින 05 ක් ලබාදී තිබූ අතර එය ඊයේ (07) දිනයෙන් අවසන් විය. 

ඒ අනුව තැපැල් ඡන්ද ගණනය කිරීමේ කටයුතු 16 වැනිදා පස්වරු පහෙන් පසු සිදුකරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේය.

මීට අමතරව , ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර සඳහන් කර සිටියේ ජනාධිපතිවරණයට අදාළව ගෙයින් ගෙට ගොස් අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීමේදී පුද්ගලයින් 11 දෙනෙකුට වඩා ගමන් කළ නොහැකි බවත් , නීතිවිරෝධී පෝස්ටර් සහ කටවුට් ඉවත් කිරීම සඳහා දිවයිනේ සියළුම පොලිස් ස්ථාන ආවරණය වන පරිදි තාවකාලිකව කම්කරුවන් 1661 ක් යෙදවීමටද කටයුතු කර ඇති බවත්ය.