(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් ලබන නොවැම්බර් මස 11 වෙනිදා පෙරවරු 11.30 ට පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ කාරක සභාව තීරණය කර තිබේ.
ස්ථාවර නියෝග යටතේ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා විසින් සිදුකළ ඉල්ලීමකට අනුව අදාළ තීරණය ගෙන ඇත.
කථානායකවරයාගේ ප්රධානත්වයෙන් අද (07) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මෙම තීරණය ගෙන තිබේ.
මෙහිදී ක්රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත් කෙටුම්පත එදින විවාදයට ගැනීමට නියමිතව ඇත.
මෙයට අමතරව නවෝත්පාදන නියෝජිත ආයතනය පිහිටුවීම පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සඳහා එදිනට ඉදිරිපත් කෙරේ.








