(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ නගරයේ වායු දූෂණය සාමාන්‍ය තත්ත්වයට වඩා දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව හෙළිව තිබේ.
ඉන්දියාවේ දිල්ලි නගරයේ වායු දූෂණය ඉහළ යාම මෙම තත්ත්වයට එක් හේතුවක් විය හැකි බව පරිසර වේදීන් පවසයි.
මේ නිසා ශ්වසන ආබාධවලින් පසුවන පුද්ගලයින් කොළඹ නගරය ආශ්‍රිතව ගැවසීමේදී මුව ආවරණ පැළඳීමට සැලකිලිමත්විය යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
ඉන්දියාවේ දිල්ලි අගනුවර වායු දුෂණය මේ වන විට සීඝ්‍රයෙන් ඉහල ගොස් ඇති අතර මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් හදිසි තත්ත්වයක් ද එම නගරය ආශ්‍රිතව ප්‍රකාශයට පත් කර ඇත.








