(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සියළු මිලේනියම් කෝපරේෂන්ස් චැලෙන්ජර්ස් වැනි රාජ්‍ය ප්‍රදාන සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම සම්මත රීතිය බවත් ඒ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ගැනීම සිදු කරන බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ මැතිවරණ සමයේ ඇමරිකන් විරෝධී භීතියක් මවා පාමින් ජනතාව නොරවටා ඉන් රටට හානියක්වේ සිදුවේ නම් වහා එය හෙළි කරන ලෙසයි.
එම නිවේදනය පහත දැක්වේ.










