FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිපය දැඩි තීරණයක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ(05) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරකීමේ සමුළුවට සහභාගී වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආසන සංවිධායකවරු ඉවත් කිරීමට තීරණය කර තිබේ.

ඊයේ රාත්‍රියේ රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේදී මෙමෙ තීරණය ගෙන ඇත.

එහිදී එකඟවී ඇත්තේ මෙම සමුළුවට සහභාගී වූ සංවිධායකවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමටය.

මේ අනුව එම සංවිධායකවරු වෙනුවට වැඩ බලන සංවිධායකවරු පත් කිරෙමට මෙහිදී තීරණය වී වති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.