(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වසර 17ක් දේශපාලනය කල තමන් මෙතෙක් කල් සහය දක්වා ඇත්තේ පවුලකට මිස දේශපාලන පක්‍ෂයකට නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ අද කොළඹ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිණි.
තමන් සේවය කළ විදේශ කයටුතු අමාත්‍යංශයේ කිසිදු ගනු දෙනුවකට තමන් හවුල් නොවූ බවත්, තමන්ට ඇති නඩු දෙකත් ඇත්තේ වාහනයක් අවභාවිත කල බවට සහ සමාගම් 8ක ගිණුම් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය යටතේ බවත් සජින්ද වාස් ගුණවර්ධන මෙහිදී පැවසීය.
නමුත් පසුගියදා තමන් සජිත් ප්‍රේමදාස හට සහය පල කරමින් එම දේශපාලන වේදිකාවට නැගීමෙන් පසුව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු තම බිරිඳට කිහිප අවස්ථාවකදී දුරකථන අමතා තමන් සහ තම දරු දෙදෙනා ආරක්ෂා කර ගන්නා ලෙස අනතුරු ඇඟවූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පසුව තමන් එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට දුරකථන ඇමතුමක් ලබාදී සිදු කළ සංවාදයේ හඬ පටයද අද දින සන්ජින්ද වාස් ගුණවර්ධන විසින් මාධ්‍යට හෙළි කළේය.
තමන් රාජපක්‍ෂවරුන්ට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් ඉතා හොදින් දන්නා බවත් මේ නිසා තමා බිල්ලට ගැනීමට ඔවුන් උත්සහ දරන බවත් මෙම මාධ්‍ය හමුවේදී සජින්ද වාස් ගුණවර්ධන කියා සිටියේය.








