FAST NEWS

24×7 Around the Globe

දකුණේ වෛද්‍ය වර්ජනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දකුණු පළාතේ පරිපූරක සහ අතුරු වෛද්‍යවරුන් අද සංකේත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.

ඊයේ (04) දිනයේදී හම්බන්තොට රෝහලේ පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තිකයින්ට පහර දීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් සහ උසස් වීම්වලට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් මෙලෙස සංකේත වැඩවර්ජනයේ නිරත වන බව අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති උපුල් රෝහණ මහතා පවසා තිබේ.

සිය සංකේත වැඩවර්ජනය අද පෙරවරු 07 සිට පස්වරු 04 දක්වා ක්‍රියාත්මක බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.