(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කුරුදුවත්ත පොලිසිය විසින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවක විභාගය ලබන වසරේ පෙබරවාරි මස 17 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (04) නියම කළේය.
2016 වසරේදී එවක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වශයෙන් කටයුතු කළ සෙයිද් රාද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් මහජන පීඩාවක් ඇති කළේ යැයි මොවුන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.
මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ කැදවනු ලැබුවේ අතර මෙම නඩුවේ සාක්ෂිකරුවන් අධිකරණය හමුවේ පෙනී නොසිටි බව වාර්තා වේ.








