නීති විරෝධී දුම්වැටි තොගයක් පිළිස්සීමට පියවර

නීති විරෝධී දුම්වැටි තොගයක් පිළිස්සීමට පියවර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රේගු දෙපාර්තමේන්තුව විසින් නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කළ දුම්වැටි මිලියනයක තොගයක් විනාශ කිරීමට තීරණය කර තිබේ.

අද (04) මෙම දුම්වැටි තොගය විනාශ කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ඩුබායි සිට පසුගිය වසරේ මෙම දුම්වැටි තොගය මෙරටට ආනයනය කර තිබු අතර කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු අදාළ දුම්වැටි තොගය ආනයනය කර ඇති බව මුලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.

මේ වනවිට රේගු අංගනයේ තැන්පත් කර ඇති එම දුම්වැටි තොගය අද (04) පුළුස්සා විනාශ කිරිමට නියමිතයි.

ආරක්ෂක අංශ භාරයට ගැණුනු රුපියල් කෝටි 10කට අධික කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 769ක තොගයක් පසුගිය අප්‍රේල් මාසයේ විනාශ කිරීමට පියවර ගත්තේය.