(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන සෙසු පක්ෂවල සහය ලබාදෙන්නේ කුමන අපේක්ෂකයාට ද යන්න අද (04) තීරණය කරන බව එම සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් ප්‍රකාශ කර තිබේ.
ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසුව සුමන්දිරන් මන්ත්‍රිවරයා සඳහන් කළේ දෙමළ ජාතික සන්ධානයේ තීරණය ප්‍රකාශයට පත් කිරීම සඳහා එහි නායක ආර්. සම්බන්ධන්ට බලය පැවරූ බවයි.
පක්ෂ 5 ක එකමුතුවකින් ආරම්භ කෙරුණු දෙමළ ජාතික සන්ධානය, මේ වනවිට නියෝජනය කරන්නේ ඉලංගෙයි තමිල්අරසු, ටෙලෝ සහ ෆ්ලොට් සංවිධානය පමණි.
දෙමළ පක්ෂ සහය පළ කරන්නේ කුමන අපේක්ෂකයාට ද යන්න මෙතෙක් තීරණය කර නොතිබුණු අතර පසුගිය දා ජනාධිපති අපේක්ෂකයන් වෙත යෝජනාවලියක් ඉදිරිපත් කර තිබිණි.








