(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වීම ප්රතික්ෂේප කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්රි සහ පළාත් සභා මන්ත්රී එම්.කේ. සිවාජිලිංගම් ටෙලෝ සංවිධානයෙන් ඉවත්වී ඇති අතර , ඒ සඳහා ඉල්ලා අස්වීමේ ලිපිය ද ඉදිරිපත් කළ බව ඔහු කියා සිටියි.
තවදුරටත් දෙමළ ජාතික සන්ධානය සමඟ සබඳතාවක් පැවැත්වීමට අදහස් නොකරන බවද සිවාජිලිංගම් මහතා පවසා සිටියේය.








