(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඩෙල්ෆ් දූපතට වයඹ දෙසින් වූ මුහුදු තීරයේදී නීති විරෝධීව මෙරට මුහුදු සීමාවට ඇතුලුවී ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයන් 10 දනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සන්තකයේ තිබූ ට්‍රෝලර් යාත්‍රා දෙකක් ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.
මෙම ධීවරයන් වෛද්‍ය පරීක්ෂණයකින් පසු ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂ වෙත භාරදීමට නියමිතව ඇත.








