FAST NEWS

24×7 Around the Globe

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ඡන්ද දායකයින්ට බෙදාහැරීමේ විශේෂ දිනය අදයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ඡන්ද දායකයින් වෙත බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස අද (03) දිනය නම් කර ඇත. 

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ලබන 9 දක්වා ක්‍රියාත්මක අතර , එම කටයුතු ආරම්භ කරනු ලැබුවේ පසුගිය මස 28 වැනිදායි.

ඡන්ද පත්‍රිකා බෙදාහැරීම සඳහා තැපැල්කරුවන් සහ ආදේශකයින් 9,000 ක් පමණ සේවයේ යොදවා ඇති අතර , අදාළ කාලය තුළ ඡන්ද කාඩ්පත් නොලැබුණු ඡන්ද දායකයින්ට තමන් පදිංචි ප්‍රදේශයේ තැපැල් කාර්යාල වෙත ගොස් අනන්‍යතාව තහවුරු කර ඒවා ලබාගත හැකියි.