FAST NEWS

24×7 Around the Globe

ගෑස් සිලින්ඩර සැඟවූ වෙළඳුන් පිරිසකට නඩු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගෑස් හිඟයක් මවාපාමීන් ගෑස් සිලින්ඩර් සැඟවූ සහ වැඩි මිලට අළෙවි කිරීම වැනි වැරදි සිදුකළ වෙළදුන් 37 දෙනෙකුට එරෙහිව දැනටමත් නඩු පවරා ඇති බවද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති ආචාර්ය ලලිත් එන් සෙනවීර පවසයි.

ඇතැම් වෙළද ව්‍යාපාරිකයින් මේ හරහා ප්‍රතිලාභ ලබා ගැනීමට පෙළඹී තිබේ.

ඇතැම් අය ගෑස් ළඟ තබා ගෙන නොදී සිටීම, ගෑස් වැඩි මිලකට විකිණීම සහ ගෑස් සිලින්ඩරයක් ලබා දෙන්නේ නම් ඒ වෙනුවෙන් ගෑස් උදුනක් මිලදී ගන්නා ලෙස පාරිභෝගිකයින්ට කොන්දේසි පැනවූ බව කියන වෙළදුන් 37 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් අංශය කටයුතු කර ඇත.

මෙවැනි කරුණු සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ට 1977 යන දුරකථන අංකය හරහා දැනුම් දිය හැකි බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.