FAST NEWS

24×7 Around the Globe

සජින්ට එරෙහි නඩුව පෙබරවාරියට කල්යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනට එරෙහි නඩුව 2020 පෙබරවාරි 25 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග අද (01) නියම කර තිබේ.

2010 සහ 2015 අතර කාලසීමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් රුපියල් තිස්කෝටි හැට දෙලක්ෂයකට අධික මුදලක් අයථා ලෙස උපයාගෙන මුදල් විශුද්ධිකරණ පනත උල්ලංඝනය කර ඇති බවට සජින් ද වාස්ට චෝදනා එල්ල විය.