FAST NEWS

24×7 Around the Globe

විජයකලාගේ නඩුවට නීතිපතිගේ උපදෙස් පතා සිහිකැඳවීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් වන නඩුව පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් පතා නැවත සිහිකැඳවීමක් යොමු කරන ලෙසට ලංකා ජයරත්න මෙනවිය අද (01) එහි රෙජිස්ට්‍රාර්වරියට නියෝග කළාය. 

ඒ, ඊට අදාළ නඩුව අද යළිත් කැඳවූ අවස්ථාවේදීයි.

පසුගිය වසරේ ජුලි මස 02 වනදා යාපනයේ පැවති උත්සවයකදී එල්.ටී.ටී.ඊ සංවිධානය යලි ගොඩනැගිය යුතු බවට විජයකලා මහේෂ්වරන් ප්‍රකාශකර සිටියාය.

නඩුවට පෙනී සිටීම සඳහා රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් අධිකරණයට පැමිණ සිට ඇත.