(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශවයෙන් තවමත් කෙණෙහිලිකම් සිදුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.
තත්වය කෙසේ වුවද රට ගැන සිතා ඔවුන් සමඟ එක්ව කටයුතු කරන බව පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කියා සිටියේය.
ඊයේ (31) පස්වරුවේ පිටකෝට්ටේ පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.








