(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පෙරමුණට සහය දක්වන පක්ෂ සහ පාර්ශව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම කොළඹදී මේ වනවිට සිදුවෙමින් පවතී.
එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාද / ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය වෙනුවෙන් එහි මහලේකම් නිසාම් කාරියප්පර් මහතාද ඊට අත්සන් තබා තිබේ .
අර්ජුන රණතුංග / රුවන් රණතුංග / චතුර සේනාරත්න යන මහත්වරුන් ඇතුලු පිරිසක්ද මෙහිදී අත්සන් කල අතර මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා / හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය / ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියි.
එජාපය සහ චන්ද්‍රිකා අතර ගිවිසුම අද
(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අතර අවබෝධතා ගිවිසුමකට අද (01) අත්සන් තබයි.
ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස සහය පළ කිරීම වෙනුවෙන් මෙලෙස අවබෝධතා ගිවිසුමකට තැබීමට නියමතව ඇත.
එම අවස්ථාව සඳහා එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ නායකයින් සහභාගි වන බවට වාර්තා වේ.








