FAST NEWS

24×7 Around the Globe

තැපැල් ඡන්ද විමසීම සාමකාමියි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

අද (31) ආරම්භ වූ තැපැල් ඡන්ද විමසීම ඉතා සාමකාමීව පැවැති බව කැෆේ සංවිධානය ප්‍රකාශ කරයි. 

එම සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගී ආරියවංශ මහත්මිය සඳහන් කළේ අද දිනයේ දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පිරිදි නිරීක්ෂකයින් යොදා තැපැල් ඡන්ද විමසීම නිරීක්ෂණය කළ බවයි.

කැෆේ සංවිධානය විසින් සිදුකළ  ජංගම නිරීක්ෂණ වලදී  ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිත ඇතැම් තැන්වල නීති විරෝධී ලෙස පෝස්ටර් අලවා තිබීම නිරීක්ෂණය වී ඇති අතර, ඊට අමතරව  කිසිදු සිදුවීමක් වාර්තා නොවුණු බව ඇය පැවසීය.