FAST NEWS

24×7 Around the Globe

විදෙස්ගත ඡන්ද හිමියන්ට දැනුම් දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට විදේශගත වී සිට පැමිණි ඡන්ද හිමියන් සිය මනාපය පළ කිරීමේදී ජාතික හැදුනුම්පතට අමතරව විදේශ ගමන් බලපත්‍රය රැගෙන ආ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි. 

එමෙන්ම , එවැනි ඡන්ද හිමියෙකුට විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කිරීමට නොහැකි වුවහොත් වෙනත් වලංගු අනන්‍යතා ලේඛනයක් ඉදිරිපත් කලද ,ඊට අමතරව සිය අනන්‍යතාවට අදාළව ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමට අදාළ ආකෘතිය අනුව වූ ප්‍රකාශයක් ද ඉදිරිපත් කිරීමට අනිවාර්ය බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

විදෙස් ඡන්ද හිමියන්ගේ නිල ඡන්ද දැන්වීම්පත් පසුගිය වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛනයේ සඳහන් සාමාන්‍යය පදිංචි ලිපිනය වෙත තැපල්කොට යවා ඇති බව ද මැතිවරණ කොමිසම වැඩිදුරටත් කියා සිටියි.