(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන සිද්ධියේ සම්බන්ධයෙන් හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත්කර ඇත.
2012 වසරේ අභිරහස් ලෙස මරා දැමුණු වසීම් තාජුදීන් ඝාතන සිද්ධියේ වරදකරුවන් නීතියේ රැහැනින් බේරාගැනීමේ අරමුණින් මරණකරුගේ අස්ථි කොටස් විනාශ කිරීම තුළින් ඊට අදාළ වැදගත් සාක්ෂි වසන් කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකරට එරෙහිව නඩුවක් ගොනු කරනු ලැබීය.








