(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම පැවැත්වෙන කාලය තුල පුර්ණ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිසිය ප්‍රකාශ කර තිබේ.
යම් රාජ්‍ය ආයතනයකට විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය නම් එය ලබා දීමට පොලිසිය සුදානමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියා සිටියේ ය.
තැපැල් ඡන්දය පැවැත්වෙන ඡන්ද මධ්‍යස්ථාන තුල සිට මීටර් 500 ක ප්‍රදේශය ඇතුලත මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකිරීම සම්පුර්ණයෙන් තහනම් බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබේ.








