(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රබල සමාජ මාධ්‍ය ජාලයක් වන ට්විටර් හරහා සමාජ ජාලය, දේශපාලන දැන්වීම් ප්‍රචාරය නවතා දැමීමට තීරණය කර ඇති බව එහි ප්‍රධාන විධායක නිලධාරී ජැක් ඩෝසි දැනුම්දෙයි.
දේශපාලනඥයන් මුදලට දැන්වීම් ප්‍රචාරය කිරීමට වඩා ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමේ අරමුණින් කටයුතු කළ යුතු බව ඔහු කියා සිටියි.
කෙසේවෙතත් දේශපාලන වෙළඳ දැන්වීම් අත්හිටුවීමේ යෝජනාවක් ෆේස්බුක් සමාජ ජාලය විසින් මීට ඉහතදී ප්‍රතික්ෂේප කරනු ලැබීය.
ට්විටර් නව තීරණය සමස්ත ලෝකයටම බලපාන අතර එය ලබන වසරේ පැවැත්වෙන අමෙරිකා ජනාධිපතිවරණයට සෘජුව බලපානු ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.








