(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම අද (31) පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතයි.
එහි ලේකම් එච්.එම්.බී.බී. හේරත් මහතා පැවසුවේ සාක්ෂි ලබා ගැනීම කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්රණ ශාලාවේ ස්ථාපිත කොමිෂන් සභා කාර්යාල පරිශ්‍රයේදී සිදු කරන බවයි.
එම පරිශ්‍රයට පටිගත කිරීමේ උපකරණ, දුරකථන රැගෙන යාමට අවසර ලබා නොදෙන බව වැඩිදුරටත් සඳහන්.
මෙම අවස්ථාවට සාමාන්‍ය ජනතාවට සහ මාධ්‍යවේදීන්ට විවෘත කෙරෙන බව ලේකම්වරයා පවසයි.








