(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ 17 ක් එක්ව පිහිටුවනු ලැබූ ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානය සඳහා වන ගිවිසුමට අද පෙරවරු 10. 17ට යෙදුණු සුබ මොහොතින් අත්සන් කරනු ලැබීය.
—————————————————————————————————————————————
(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ 15ක් එක්ව පිහිටුවන ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානය සඳහාවන ගිවිසුමට අස්සන් තැබීම අද(31) සිදු කිරීමට නියමිතය.
මෙම ගිවිසුමට අස්සන් තැබීම අද පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේ පැවැත්වේ.
ඊට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඇතුළු එම දේශපාලන පක්ෂවල නායකයින් සහභාගිවීමට නියමිතය.
ශ්රී ලංකා නිදහස් පක්ෂය හා ශ්රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, මහජන එක්සත් පෙරමුණ ඇතුළු පක්ෂ 15ක් මෙම ගිවිසුමට අස්සන් තැබීමට නියමිත බව වාර්තාවේ.
ඒ අනුව ඉදිරි මැතිවරණවලදී මෙම සන්ධානය පුටුව ලකුණින් තරඟ වැදීමට නියමිත බවද වාර්තා වේ.








