FAST NEWS

24×7 Around the Globe

තමන් ධුරයෙන් ඉවත් නොවන බව වසන්තගෙන් ප්‍රකාශයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් තමන් ඉවත් නොවන බවත් හැකිනම් තමන් එම ධුරයෙන් ඉවත් කර පෙන්වන ලෙසටත් අමාත්‍ය වසන්ත සේනානායක පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවක් අමතමින්.

ඊයේ (29) එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.