FAST NEWS

24×7 Around the Globe

පාස්කු ප්‍රහාරයේ සාක්ෂි විමසීම හෙටින් ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම හෙට (31) පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතයි.

කොමිෂන් සභාවේ ලේකම් එච්.එම්.පී.බී හේරත් පැවසුවේ මෙම අවස්ථාව ජනතාවට සහ මාධ්‍යවේදීන්ට විවෘත බවයි.

එම පරිශ්‍රයට පටිගත කිරීමේ උපකරණ, දුරකථන රැගෙන යාමට අවසර ලබා නොදෙන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.