FAST NEWS

24×7 Around the Globe

දෙමළ පක්ෂ සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපතිවරණයේදී සහය දක්වන අපේක්ෂකයා ගැන තීරණය කිරීමට, උතුරේ දෙමළ දේශපාලන පක්ෂ අද (30) පැවැත්වූ සාකච්ඡාවත්, එකඟතාවකින් තොරව අවසන් වූ බවට වර්තා වේ.


උතුරේ දේශපාලන පක්ෂ අද අවසන් තීරණයක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – උතුරේ දේශපාලන පක්ෂ අද පස්වරු 4.00 ට රැස්වීමට නියමිතව ඇත. 

ඒ , ජනාධිපතිවරණයේදී සහය දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහායි.

ඒ අනුව, උතුරු පළාත් හිටපු අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ගේ නායකත්වය දරන දෙමළ ජනතා සන්ධානය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් නායකත්වයෙන් යුත්, ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන තමිල් අරුසු පක්ෂය, ටෙලෝ හා ප්ලොට් සංවිධානවල නියෝජිතයින් මෙම සාකච්ඡාවට සහභාගිවනු ඇති.

පසුගියදා මෙම පක්ෂ විසින් සියලුම පක්ෂවලට කරුණු 13 ක් ඇතුළත් යෝජනාවලියක් ලබාදුන් අතර ඊට එකඟතාවය දක්වන අපේක්ෂකයාට සහය ලබාදෙන බවට ද සඳහන් කළේය.