FAST NEWS

24×7 Around the Globe

වවුනියාව මණ්ඩපයේ සිසුන් අතර උණ රෝගයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – යාපනය විශ්වවිද්‍යාලයට අයත් වවුනියාව මණ්ඩපයේ සිසුන් පිරිසක් උණ රෝගයක් හේතුවෙන් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති අතර , දින කිහිපයක් පුරාවට එම පරිශ්‍රයේ මෙම උණ රෝගය ව්‍යාප්තව පැවතී ඇත. 

මේ හේතුවෙන් සිසුන් 45 කට වැඩි පිරිසක් මෙලෙස රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

විභාග කටයුතු පසුගිය 21 වනදා සිට ආරම්භ වී ඇති අතර මේ හේතුවෙන් සිසුන්ට විභාගයට පෙනී සිටීමටද නොහැකිවී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.