FAST NEWS

24×7 Around the Globe

වසන්ත සේනානායකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ පක්ෂ සමාජිකත්වය වහාම අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

වසන්ත සේනානායක මහතා පසුගියදා ප්‍රකාශයක් කරමින් පැවසුවේ එක්සත් ජාතික පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් සහ ජනාධිපතිවරණයෙන් පසුව ආණ්ඩු බලය මෙහෙයවන පිරිස සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බවයි.