FAST NEWS

24×7 Around the Globe

ඡන්දය විමසීමේ කාලය දීර්ඝ කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපතිවරණයේ ඡන්දය විමසීමේ කාලය පැයකින් දීර්ඝ කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද (29) ඉදිරිපත් කළ යෝජනාවට දේශපාලන පක්ෂ එකඟතාව පළ කර තිබෙන අතර , ඒ අනුව ඡන්ද විමසීම පෙරවරු හතේ සිට පස්වරු පහ දක්වා සිදුකිරීමට සැලසුම් කර ඇත. 

මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයන් අතර එම කොමිෂන් සභාවේ අද පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.