FAST NEWS

24×7 Around the Globe

එච්.පී ආයතනය සේවකයෝ තිස්දහසක් කප්පාදු කරති.

ලොව දැවැන්තම පරිගණක හා තාක්ෂණික ආයතනයක් වන එච්.පී ආයතනය රැකියා කප්පාදුවක් සිදු කිරීමට සූදානමින් සිටිනවා.

හිව්ලට් පැකර්ඩ් හෙවත් එච්.පී ආයතනය එහි සේවක සේවිකාවන් විසිපන්දහසත් තිස් දහසත් අතර පිරිසක් සේවයෙන් ඉවත් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

මෙම සමාගම ලබන නොවැම්බර් මාසයේදී ඒකක දෙකකට වෙන් කිරීමටයි එහි පාලනාධිකාරිය සැලසුම්කර තිබෙන්නේ.ඒ අනුව මෙම රැකියා කප්පාදුව සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

පසුගිය දශකය පුරා පාරිභෝගිකයින් ඩෙක්ස්ටොප් පරිගණක වලින් ඉවත්වීම ආයතනය පාඩු ලැබීමට බලපා තිබෙනවා. ඒ හේතුවෙනුයි රැකියා කප්පාදුව සිදුකිරීමට තීරණය වී ඇත්තේ.