FAST NEWS

24×7 Around the Globe

ජනාධිපතිවරණය සඳහා කඩදාසි ඡන්ද පෙට්ටි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපතිවරණය සඳහා විශේෂ ආරක්ෂිත ඝන කඩදාසිවලින් තනන ඡන්ද පෙට්ටි නිෂ්පාදන කටයුතු මේ වන විට ආරම්භ වී තිබේ.

අදාළ කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටි 12,000කට අධික ප්‍රමාණයක් මෙවර ජනාධිපතිවරණය සඳහා යොදා ගැනීමට තීරණය කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේය.

දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා පමණක් මීට පෙර මැතිවරණවලට යොදා ගත් ප්ලාස්ටික් ඡන්ද පෙට්ටි යොදා ගැනීමට ද පියවර ගෙන තිබෙන අතර දැවමය ඡන්ද පෙට්ටි මෙවර ජනාධිපතිවරණය සඳහා යොදා නොගැනීමටයි මැතිවරණ කොමිසම තීරණය කර ඇත