FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාව විසින් පූර්ව ආදර්ශ ඡන්ද විමසීම් පැවැත්වීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

එම කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සදහන් කළේ ඇතැම් පෞද්ගලික ආයතන සහ උපකාරක පන්ති ආශ්‍රිතව එවන් ආදර්ශ ඡන්ද විමසීම් පවත්වා ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවයි.

ජනාධිපතිවරණ පනතට අනුව එය පටහැනි ක්‍රියාවක් බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටී.