FAST NEWS

24×7 Around the Globe

අතුරු සම්මත ගිණුම ඡන්ද විමසීමකින් තොරව සම්මතයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන වසරේ ජනවාරි 01 වැනිදා සිට අප්‍රේල් මස 30 වන දා ක්වා රජයේ වියදම් සඳහා රුපියල් බිලියන 1474 ක අතුරු සම්මත ගිණුම  ඡන්ද විමසීමකින් තොරව අද පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණි.

අද (23) දහවල් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මෙම  අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

තවද  එම කාලය තුළ ණය ගැනීමේ සීමාව ලෙස රුපියල් බිලියන 721ක් අනුමැතිය සඳහා අතුරු සම්මත ගිණුම ඔස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මෙහිදී සිදු කෙරුණි.