FAST NEWS

24×7 Around the Globe

පාස්කු ප්‍රහාරයේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ කරුනු සෙවීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ අවසන් වාර්තාව එම කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න විසින් අද (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. 

මෙම වාර්තාව පිටු 200 කින් පමණ සමන්විත බව කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේය.

අදාළ වාර්තාව සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කරුණු දැක්වීම සඳහා නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා විසින් අද පස්වරු 2.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය හමුවක්ද කැඳවා ඇත.