(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ විශේෂ තේරීම් කාරක සභාවේ සම්පූර්ණ වාර්තාව අද(23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කමිටු සභාපති, නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි ප්‍රකාශ කර තිබේ.
අද පස්වරුවේ තේරීම් කාරක සභාවේ නිර්දේශ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහාමාධ්‍ය හමුවක් ද කැදවා ඇති බව ඔහු කියා සිටියේය.
මැයි 22 වැනිදා , අප්‍රේල් 21 වැනිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඒ පිළිබඳව සොයාබලා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරීමට මෙම තේරීම් කාරක සභාව පත් කරනු ලැබුවේය.
ඒ අනුව මෙම කමිටුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, නීතිය හා සාමය පිළිබද හිටපු අමාත්‍යවරුන් වන සාගල රත්නායක සහ රංජිත් මද්දුම බණ්ඩාර, හිටපු ආරක්ෂක ලේකම්, පොලිස්පතිවරයා, රාජ්‍ය බුද්ධි අංශ ඇතුළු විවිධ පාර්ශවයන්ගෙන් සාක්ෂි සටහන් කර ගනු ලැබුවා.








