ගෝඨාට එරෙහිව ලසන්තගේ දියණිය ගොනුකළ පෙත්සම ප්‍රතික්ෂේපයි

ගෝඨාට එරෙහිව ලසන්තගේ දියණිය ගොනුකළ පෙත්සම ප්‍රතික්ෂේපයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වන අහිංසා වික්‍රමතුංග ඇමරිකාවේ කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණයට ගොනු කළ නඩුව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇත.

ඒ , මෙම නඩුව එම දිස්ත්‍රික් අධිකරණයේදී කැදවූ අවස්ථාවේදීයි.

පසුගිය අප්‍රේල් මස 15 වනදා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය මෙම නඩුව කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණයේ ගොනු කරනු ලැබීය.