FAST NEWS

24×7 Around the Globe

විශේෂ කාරක සභාවේ නිර්දේශ හෙට පාර්ලිමේන්තුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශ හෙට (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. 

නැවත වරක් පාස්කු ඉරිදා සිදුවීම හා සමාන සිදුවීමක් ඇති නොවීමට ගත යුතු පියවර සහ නිර්දේශ අදාළ වාර්තාවේ සදහන්කර ඇති බවයි එහි සභාපති නියෝජ්‍ය නථානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසුවේ.

පිටු 200 කින් පමණ සමන්විත එම වාර්තාව සකස් කිරීමේ කටයුතු මේ වන විට අවසන් කෙරෙමින් තිබෙන බව නියෝජ්‍ය කථානායකවරයා පැවසීය.

මෙම වාර්තාව සම්බන්ධව පළවන ඇතැම් වාර්තා නිවැරදි නොවන බව පැවසූ ආනන්ද කුමාරසිරි මහතා විශේෂ කාරක සභාව පත් කරනු ලැබුවේ කිසිවෙකු හෝ වරදකරු කිරීමට නොවන බව ද සඳහන් කළේය.