(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ත්‍රිකුණාමලය – මඩකලපුව මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
ඒ කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ මීනගයා සීග්‍රගාමී දුම්රිය පීළි පැනීමට ලක්වීම හේතුවෙනි.
ඊයේ රාත්‍රියේ අවුකන දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය එන්ජිම සහ මැදිරි 6ක් පීලි පැනීමට ලක්ව තිබේ.
දුම්රිය යළි පීලි ගත කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බව දුම්රිය ගමනාගමන අධිකාරී වජිර පොල්වත්තගේ පැවසීය.








