(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇදහැලෙන වර්ෂාපතනය හේතුවෙන් පුත්තලම – මන්නාරම මාර්ගය එළුවන්කුලම – සපත්තු පාලම ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම නිසා රථවාහන ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් ඇණහිට තිබේ.
කලා ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙම ගංවතුර තත්ත්වය හටගෙන ඇත.
කලා ඔයේ ජල මට්ටම අඩි 8 ක් දක්වා ඉහළ යාම හේතුවෙන් ඒ ආසන්නයේ පවත්වාගෙන ගිය එළුවන්කුලම නාවික හමුදා කඳවුර සහ වනජීවී කාර්යාලය ඉවත් කිරීමටද මේ වනවිට කටයුතු කර ඇති බවයි පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේ.








