FAST NEWS

24×7 Around the Globe

සහරාන් සමඟ සම්බන්ධය පිළිබඳව හකීම් කියයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අමාත්‍ය රවුෆ් හකීම් පවසන ආකාරයට 2015 දී හිස්බුල්ලා මහතාගෙන් තම පාක්ෂිකයින්ට සිදු වූ හිරිහැර සොයා බැලීමට ගිය අවස්ථාවකදී ත්‍රස්තවාදී සහරාන් එම හමුවට පැමිණ ඇත.

නව ප්‍රජාතාන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ වෙනුවෙන් ඊයෙ (19) සවස අකුරණ නගරයේ පැවැති ජන රැළියකදී , පසුගිය දිනයන්හි මාධ්‍ය මගින් හෙළි කළ වීඩියෝව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය හකීම් එසේ ප්‍රකාශ කළේය.

අප්‍රේල් 21 වනදා සිදු වූ සිදු වීමෙන් පසුව මුස්ලිම් ජනතාව විශාල කම්පනයකින් පසුවන අතර මුස්ලිම් ප්‍රජාව තුල හැංගී හිඳ ඒ ම්ලේච්ඡ නින්දිත ක්‍රියාව කළ ත්‍රස්තවාදීන් හට නැවත වාරයක් හිස එසවීමට ඉඩ නොදීම ඔවුන්ගේ අධිෂ්ඨානය බව අමාත්‍යවරයා වීඩියෝව පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේය.

මුස්ලිම් ජනතාව වෙනුවෙන් මේ රටේ බුද්ධි අංශය හමුදාව පමණක් නොව අපේ මුස්ලිම් ප්‍රජාවම අවදියෙන් සිට අපි අතරින් නැවත වාරයක් කවුරු හරි යම් අන්තවාදී අදහසක් ඇති පුද්ගලයෙකු එලෙස අදහසක් පළ කරයි නම් මුළුමනින්ම ඔහුව විනාශ කළ යුතු බවද ඔහු එහිදී වැඩිදුරටත් අදහස් පළ කළේය.